ගානියා බැනිස්ටර් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
Monday, 30 December 2019 - 9:57 | Views - 503
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
ඇය අත්අඩංගුවට ගැනුනේ රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවාද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මතයි.
පසුව ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ද ඇය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කෙරුණා.
Share This Article