ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සේවය ඇගැයීම වෙනුවෙන් හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් ‘නයිට්’ පදවියකින් පිදුම් ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ අනුව මේ වන විට 75 වැනි වියේ පසුවන හිටපු කොදෙව් නායකයා ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, පුහුණුකරුවකු ලෙසත් ඉන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ එක්වී ජාත්‍යන්තර තරග තීරකයකු ලෙසත්, ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සේවය වෙනුවෙන් ඔහුට මෙම නයිටි පදවිය පිරිනැමීමට නියමිතයි.
1974 වසරේ සිට 1985 වර්ෂය දක්වා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති ලොයිඩ් ටෙස්ට් තරග 27කදී කොදෙව් කණ්ඩායම මෙහෙයවමින් ලොව මෙතෙක් බිහිවූ සාර්ථකම ටෙස්ට් නායකයා බවට පත්ව තිබීමද විශේෂත්වයක්. තවද ඔහු කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 110කට සහ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 87කට සහභාගි වී තිබෙනවා.
මේ අතර පසුගියදා නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ඉයන් මෝගන්, බෙන් ස්ටෝක්ස්, ජෝ රූට් සහ ජොස් බට්ලර් හටද මහා බි්‍රතාන්‍යයේ ගෞරව නාම ප්‍රදානය කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
88 Views
107 Views
273 Views
173 Views
148 Views
162 Views
149 Views
122 Views
187 Views
139 Views
153 Views
222 Views
258 Views
709 Views
46 Views