කරුවලගස්වැවින් හමුවූ අවුරුදු 100ක් පමණ වයසැති යෝධ තාරකා ඉබ්බා -[Video]
Monday, 30 December 2019 - 9:12 | Views - 837
වෙල්යායක සිටි යෝධ තාරකා ඉබ්බේකු ගොවින් පිරිසක් විසින් අල්ලා වන ජීවි නිලධාරින්ට භාර දුන් පුවතක් කරුවලගස්වැව, නෙළුම්ගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වන ජීවි නිලධාරින් පවසන්නේ මෙම සත්වයා කිලෝ ග්‍රෑම් 17කට ආසන්න බරකින් යුක්තවන බවයි.
මෙම යෝධ තාරකා ඉබ්බා වයස අවුරුදු 100කට ආසන්න බවට විශ්වාස කරන බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සත්වයා විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට වන ජීවි නිලධාරින් පියවර ගෙන තිබෙනවා.
Share This Article