වවුනියාවේ බස් රථයක් පෙරළී අටදෙනෙකුට තුවාල
Monday, 30 December 2019 - 9:05 | Views - 660
වවුනියාව - කුරුඳුපිටිය ප්රදේශයේදී අද අලූයම බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තංගල්ලේ සිට යාපනය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාලලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තාවන්නේ.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී වෑන් රථයක් පෙරළීමෙන් ඊයේ රාත්රියේ තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා
Share This Article