උසස් පෙළ ප්‍රතිඵල අද සිට පාසල්වල ප්‍රදර්ශනයට
Monday, 30 December 2019 - 8:49 | Views - 471
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන අද සිට පාසල්වල ප්‍රදර්ශනය කරනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන කටයුතු සදහා එම ප්‍රතිඵල ලේඛන නිකුත් කරන අතර, ඒවා පසුගිය සති අන්තයේදී අදාළ පාසල් වෙත තැපැල් කළ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මීට අමතරව, ඊ.එම්.එස් සේවාව ඔස්සේ විදේශ රටවල පදිංචිකරුවන්ට ද ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන ගෙන්වා ගත හැකියි.

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව මගින් ද එම ප්‍රතිඵල නිකුත් කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පසුගිය සිකුරාදා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට එක් කර තිබුණා.

මේ අතර, විශ්වවිද්‍යාල සදහා සිසුන් ඇතුළත් කිරීමේදී දිස්ත්‍රික්ක වශයෙන් ලකුණු සලකා බලන ක්‍රමයේ ගැටලූවක් ඇති බවයි අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top