නැදුන්ගමුවේ රාජාගේ රූපය සහිත මුද්දරයක් නිකුත් කිරීමට පියවර
Monday, 30 December 2019 - 8:47 | Views - 424
දළඳා කරඩුව වැඩමවීමට වරම් ලද ඇතුන් අතරින් ජේ්‍යෂ්ඨතම හස්ති රාජයා වන නැදුන්ගමුවේ රාජාගේ රූපය සහිත මුද්දරයක් අද නිකුත් කිරීමට නියමිතයි.
තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ නැඳුන්ගම ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් මෙම මුද්දරය නිකුත් කරන බවයි.
ඉන්දීය රාජවංශිකයෙකුගේ ඥාතියෙකුට වැළදී තිබූ මානසික රෝගයක් සුව කිරීමට තුටු පඩුරු වශයෙන් පිලියන්දල - නිලම්මහර වෙද හාමුදුරුවන්ට ඇත් පැටවුන් දෙදෙනෙකු ලබාදී තිබෙනවා.
ඒ මෙම නැදුන්ගමුවේ හස්ති රාජයා සහ නවම් රාජා හස්තියායි.
වයස අවුරුදු පහේදී පමණ මෙරටට රැගෙන ආ නැදුන්ගමුවේ රාජා, වයස අවුරුදු 25 දී පමණ වෛද්‍ය හර්ෂ ධර්මවිජයගේ පියාණන් විසින් මිලදී ගෙන ඇති බව සදහන්.
එතැන් පටන් වසර 40 ක පමණ කාලයක් තම පවුලේ හිමිකාරිත්වය යටතේ නැදුන්ගමුවේ රාජා හැදී වැඩෙන බවයි වර්තමාන හිමිකරු වෛද්‍ය හර්ෂ ධර්මවිජය සදහන් කළේ.
Share This Article