උකුවෙලදී විදුලිසැර වැදී එකම පවුලේ තුන්දෙනෙකු මරුට
Monday, 30 December 2019 - 8:15 | Views - 3,913
මාතලේ - උකුවෙල - ගුරලවෙල ප්රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලී එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්රියේ සිදුවු මෙම අනතුරින් එකම පවුලේ මව, පියා සහ ලේලිය මියගොස් පත්ව ඇති බවයි. පියා රා මැදීම සඳහා ගොස් ඇති අතර, නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු පිළිබඳ සොයාබැලීම සඳහා බිරිඳ, දියණිය සහ ලේලිය ගොස් තිබුණා.
එම අවස්ථාවේදීයි මොවුන්ට විදුලි සැර වැදී ඇත්තේ.
සිද්ධියෙන් දියණියට හානි සිදුව නැහැ.
Share This Article