පියාගේ මිතුරා 9 හැවිරිදි දැරිය 15 වතාවක් කෙළෙසලා
Monday, 30 December 2019 - 8:04 | Views - 5,719
වයස අවුරුදු 9ක දැරියක 15 වතාවක් අපයෝජනයට ලක් කළ වයස අවුරුදු 36 ක විවාහක පුද්ගලයකු ගල්නෑව පොලිසිය මගින් ඊයේ ( 29 දා ) අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයා අපයෝජනයට ලක් වූ දැරියගේ පියාගේ හොඳම මිතුරා ද වන බව අනාවරණය වෙයි. මොහු දැරියගේ නිවසේ දෙමාපියන් නොමැති අවස්ථාවල එම නිවසට පැමිණ ඔහුගේ ජංගම දුරකථනය දැරියගේ බාල සහෝදරයාට දී ඔහු නිවසින් පිටතට යවා පහළොස් වතාවකදී දැරිය අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය පවසයි.
ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් කරන ලද පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ඊයේ දින ( 29 ) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share This Article