රාජිත සේනාරත්න සහ ස්විස් තානාපති සේවිකාව අද අධිකරණයට
Monday, 30 December 2019 - 8:03 | Views - 489
නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර මන්තිී‍්‍රවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙසයි නියෝග කලේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම සදහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක පසුගිය සෙනසුරාදා අදාල පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර ඇය නිර්දේශ කර තිබුණේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ අවසරය ලැබේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහල වෙත මාරු කළ හැකි බවටයි.  

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා බන්ධනාගාර ගිලන් රථය නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල් භූමියට ඊයේ පැමිණ තිබුණේ.

කෙසේ වෙතත්, ලංකා රෝහලේ වෛද්‍යවරුන්ගේ අවසරය නොලැබීම නිසා පැය 4 කට වැඩි කාලයක් එහි රදවා තිබූ ගිලන් රථය සහ පැමිණි නිලධාරින් පසුව පිටව ගියා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සදහන් කළේ තම පියා ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබිය යුතු බවට එහි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි.  

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇය අත්අඩංගුවට ගැනුනේ රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවාද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මතයි.

පසුව ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ද ඇය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top