සංවිධානාත්මක කොල්ල කල්ලියක දෙදෙනෙක් අත්අඩංගුවට
Sunday, 29 December 2019 - 16:36 | Views - 1,196
දිවයිනේ විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස සහ වෙළදසැල් මංකොල්ල කෑමේ නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක සැකකරුවන් දෙදෙනෙක් සහ සොරාගන්නා ලද භාණ්ඩ පොලිස් භාරයට ගැනීමට අම්බලන්තොට පොලිසිය ඊයේ සමත් වුණා.

අම්බලන්තොට පොලිසියට ලද පැමිණිලි මත පැමිණිලි කරුවන්ගේ තොරතුරු, CCTV දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැක සහිත මෝටර් රථයක් සම්බන්දයෙන් විමර්ශන පවත්වනු ලැබුවා.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථයේ හිමිකරුගෙන් ලද තොරතුරු මත එම මෝටර් රථය කුලී පදනම මත ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුවයි අදාල සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කුලී පදනම මත ලබා ගත් මෝටර් රථය උපයෝගී කරගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවස සහ ගොඩනැගිලි වලට රාත්‍රී කාලයේ ඇතුළු වී ඒවායේ තිබු මුදල් සහ දේපළ කොල්ලකා තිබෙනවා.

සැකකරුවන් සොරාගන්නා ලද භාණ්ඩ අතර තණකොළ කපන යන්ත්‍ර 2ක් ටයිල් කපන යන්ත්‍රයක්, ආයුධ කට්ටල, ජංගම දුරකථන කිහිපයක්, DVD යන්ත්‍ර 3ක් සහ තවත් ගෘහ උපකරණ සහ කෘෂි උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ත් 35ත් යන වයස් වල පසුවනන් බවයි අම්බලන්තොට පොලීසිය පැවසුවේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායමේ අනෙකුත් සැකකරුවන් සොයා අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top