ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමයි - ජනපති
Sunday, 29 December 2019 - 14:43 | Views - 1,240
ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.
ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමක් බවත් ඒ සඳහා කැපවීම සියලුදෙනාගේ වගකිම බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.
වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ ජනාධිපතිතුමා අතර පැවති හමුවකදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
ජනාධිපති මන්දිරයේ දී ඊයේ (28) පස්වරුවේ මෙම හමුව පැවැත්වුණු අතර මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.
Share This Article