ස්පියර් ගිනි අවි දෙකක් සමඟින් යුක්රේන ජාතිකයෙකු අත්අඩංගුවට
Sunday, 29 December 2019 - 14:32 | Views - 703
මසුන් මැරීම සඳහා තහනම් කර ඇති ස්පියර් ගිනි අවි දෙකක් ළඟ තබාගෙන සිටි යුක්රේන ජාතිකයෙකු ගාල්ල - තල්පෙ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමඟ සිටි ශ්රී ලාංකික මග පෙන්වන්නාද ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව ඔවුන් දෙදෙනා ගාල්ල වැඩබලන මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.
Share This Article