ත්‍රිරෝද රථයෙන් හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට
Sunday, 29 December 2019 - 14:30 | Views - 414
නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරනු ලබන මෙහෙයුමක් අතරතුරදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ සැක කටයුතු ලෙස ගමන් ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් සොයා ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවන්.
Share This Article