අගහිඟකම් මැද උසස් පෙළ ජයගත් සිසුවියක්
Sunday, 29 December 2019 - 13:18 | Views - 631
අගහිඟකම් රැසක් මැද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ජීව විද්‍යා අංශයේ ප්‍රථමයා වූ සිසුවියක් පිළිබඳ තොරතුරු හිරු ප්රවෘත්ති අංශයට වාර්තාවුණා.
සිය මූලික අධ්‍යාපනය මුතූර් - ෂාෆි නගර් හි ඉමාම් ෂාෆි විද්‍යාලයෙන් ආරම්භ කළ ඇය පසුව සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් අධ්‍යාපනය සඳහා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයට ඇතුලත්වී තිබෙනවා.
එම විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ජීව විද්‍යා අංශයෙන් ලබාගෙන තිබුණා.
හරිහමන් නිවසක් හෝ නොතිබුණු ඇයට සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයන් තුන්දෙනෙකු සිටිනවා.
දැඩි අගහිඟකම් මැද තමන් විභාගය ඉහළින් සමත්වූ බවයි මුසාදිකා ෆාතිමා නැමති සිසුවිය හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article