අගහිඟකම් මැද උසස් පෙළ ජයගත් සිසුවියක්
Sunday, 29 December 2019 - 13:18 | Views - 632
අගහිඟකම් රැසක් මැද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ජීව විද්‍යා අංශයේ ප්‍රථමයා වූ සිසුවියක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

සිය මූලික අධ්‍යාපනය මුතූර් - ෂාෆි නගර් හි ඉමාම් ෂාෆි විද්‍යාලයෙන් ආරම්භ කළ ඇය පසුව සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් අධ්‍යාපනය සඳහා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයට ඇතුලත්වී තිබෙනවා.

එම විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ජීව විද්‍යා අංශයෙන් ලබාගෙන තිබුණා.

හරිහමන් නිවසක් හෝ නොතිබුණු ඇයට සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයන් තුන්දෙනෙකු සිටිනවා.

දැඩි අගහිඟකම් මැද තමන් විභාගය ඉහළින් සමත්වූ බවයි මුසාදිකා ෆාතිමා නැමති සිසුවිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top