උත්සව සමයේ රථවාහන වැරදිවලට 22,000ක් අත්අඩංගුවට
Sunday, 29 December 2019 - 13:04 | Views - 540
උත්සව සමයට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම්වලදී රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 22,475ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 21 වනදා සිට ආරම්භ කළ එම විශේෂ වැටලීම් අනිද්දා දක්වා ක්‍රියාත්මකයි.

මේ දක්වා කාලය තුළ බීමත්ව රිය පැදවූ 1,733ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් ද පුද්ගලයින් 422ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් 2,023ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව තවත් පුද්ගලයින් 18,297 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරුවලට හේතුවූ අන්තරාදායක වැරදි සම්බන්ධයෙන්.

මේ අතර නව වසර උදාවත් සමඟ ගිනිකෙළිවලින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ - ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා ඉල්ලීමක් කරනවා.

පසුගිය වසරේ ගිණිකෙළි අනතුරු 19ක් වාර්තාවී ඇති අතර, එම අනතුරු සියල්ල බීමත්කම හේතුවෙන් සිදුව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top