අපහසුතා රැසක් මැද දෙපයේ සවියෙන් ලොවක් දිනන්නට සැරසෙන තරුණයා
Sunday, 29 December 2019 - 11:27 | Views - 429

පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී කොළඹ සුපිරි පාසල් රැසක ප්‍රතිවාදීන්ට අභියෝග කල මේ
ජවාධිකයා අවුරුදු 18න් පහල මීටර් 400 තරග ඉසව්ව තත්ත්පර 47යි දශම 53කින් අවසන් කරන්නේ තමන් මෙරට මලල ක්‍රීඩාවේ අනාගතයට පැහැදිලි ආයෝජනයක් බව තහවරු කරමින්.
මේ දක්ෂතාව නිසාම සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නටත් රවිඳුට හැකිවුනා.
දෙපයේ සවියෙන් ලොවක් දිනන්නට සැරසෙන මේ කොලුගැටයාගේ ජීවිත කතාව නම් එතරම් සුන්දර නැහැ.
දංකොටුව කැරන්වත්ත ග්‍රාමයේ අඩක් සාදා නිමකළ නිවසක දෙමාපියන් සහ සිය බාල සහෝදරයා සමග දිවි ගෙවන රවිදුට ජීවිතයේ බර හෙට දිනයේදී තවත් දැඩිව දැනෙනු ඇති.
ඒ තව නොබෝ කලකින් සිය පවුලේ වගකීමද සිය උර මතට පැටවෙනා වග ඔහු හොදින්ම දන්නා නිසාවෙන්.
හරි හමන් රස්සාවක් නැති රවිඳුගේ දෙමාපියන් එදා වේල පිරිමහ ගන්න දරන්නේ අපමණ වෙහෙසක්.
රවිඳුගේ ජීවිතයේ යම් තරමකට හෝ අස්වැසිල්ලක් වෙලා තියෙන්නේ නිවසේ බිත්තියටම ආභරණයක් වී තිබෙන මේ කුසලාන සහ පදක්කම් ගොන්න පමණයි.
ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් එකසේ දස්කම් දක්වන මේ යෞවනයාට සිය ජීවිතයේ අභියෝග ජය ගන්න ඔහු ඉගෙනුම ලබන හලාවත, වෙන්නප්පුව වෑකඩ මහා විද්‍යාලයෙන් ලැබෙන්නේ පුදුමාකාර සහයක්.
කැලේ පිපෙන මල් කැලේම පරව යා නොදී ඒ මල් වලට වටිනාකමක් දෙන්න කටයුතු කරන අතලොස්සක් දෙනා අතරින් රවිඳුගේ පුහුණුකරුත් ඉදිරියෙන්ම ඉන්නවා.
Share This Article