රන් සහ තෙල් මිල ඉහළ යයි
Sunday, 29 December 2019 - 9:32 | Views - 785
ඇමරිකානු - චීන වෙළඳ ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු පළවීමත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් සහ රන් මිල ඉහළ යාමක් වාර්තා වුණා.
එමෙන්ම ආසියානු කොටස් මිලද සති අන්තය වනවිට සළකුණු කළේ මාස 18 කින් ඉහළම අගයන්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 යි ශත 9 දක්වා ඉහළ ගිය අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 61 යි ශත 82 දක්වා ඉහළ ගියා.
ඒ අනුව බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල 2019 වසර තුළ සියයට 25 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඔපෙක් සංවිධානය සහ රුසියාව නිෂ්පාදනය කප්පාදු කිරිම ද මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතුවක්.
ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල සති අන්තය වනවිට සටහන් වූයේ ඩොලර් 1509 යි ශත 29 ක් ලෙසයි.
Share This Article