ඩොලර් කෝටි 100 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් උරුගුවේ රාජ්‍යයෙන් අල්ලයි
Sunday, 29 December 2019 - 9:09 | Views - 429
සෝයා පිටි ලෙස අඟවා බහාලුම්වල ඇසිරූ කොකේන් මත්ද්‍රව්‍ය ටොන් 4 යි දශම 4 ක තොගයක් දකුණු ඇමරිකානු උරුගුවේ රාජ්‍යයෙන් හමුවී තිබෙනවා.
උරුගුවේ නාවික හමුදා සහ රේගු නිලධාරින් මොන්ටිවීඩියෝ වරායේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව සඳහන්.
ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගය බටහිර අප්‍රිකානු ටෝගෝ රාජ්‍යයේ ලෝමේ නුවර වෙත රැගෙන යාමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.
උරුගුවේ රාජ්‍යය ලතින් ඇමරිකාවේ සිට අප්‍රිකාව සහ යුරෝපය වෙත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනු ලබනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ පුද්ගලයා සහ ඔහුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් මත්ද්‍රව්‍ය රැසක් ද ඔවුන් සන්තකයේ තිබී රේගු භාරයට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article