ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට
Sunday, 29 December 2019 - 8:54 | Views - 359
මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ධීවරයන් සමඟ ට්‍රෝලර් යාත්‍රා 3ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.
මෙම ඉන්දීය ධීවරයින් වයස අවුරුදු 20 ත් 70 ත් අතර පසුවන්නන් බවට අනාවරණ වී ඇති අතර, ඔවුන් යාපනය සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.
Share This Article