සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005ක් ලෙස නියම කර ඇති අතර, සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර ලංකාවේ ඇසුරුම් කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950ක් ලෙසත්, ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 ක් ලෙසත් නියම කර තිබෙනවා.