එස්.බී.ගෙන් සුමන්දිරන්ට චෝදනා
Sunday, 29 December 2019 - 8:17 | Views - 444
සිංහල - දෙමළ ජනතාව අතර අලූත් ගැටලූවක් නිර්මාණය කිරීම සඳහා ජාතික ගීය මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් විවිධ ප්‍රකාශ සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

මහනුවරදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළා.

පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර තිබුණේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවයි.  

මේ අතර, දෙමළ ජනතාවට ජාතික ගීය තමන්ට හුරු මව් බසින් ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී.ආනන්ද සංගරී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ ඇතමුන් ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධයකින් තොරව අනවශ්‍ය ගැටළු ඇති කිරීමට උත්සාහ කරන බවයි. ජාතික ගීය යනු තමන් අයත් රටේ අනන්‍යතාව සළකුණු කරන්නක්.

එය පහසු අන්දමින් ගායනා කිරීමට සෑම පුරවැසියෙකුටම අවස්ථාවක් තිබිය යුතු අතර, එය ඔවුන්ගේ අයිතියක්ද වන බවයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්ද සංගරී පෙන්වා දෙන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top