අතුරු සම්මත ගිණුම ගැන රජයෙන් පැහැදිළි කිරීමක්
Sunday, 29 December 2019 - 7:36 | Views - 588
ඉදිරි මාස 3 සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව රජය පවසනවා.
සති අන්ත පුවත්පතක වාර්තා කර තිබුණේ ඉදිරි මාස 3 සඳහා ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද එම වාර්තා ප්‍රතික්ෂේප කළා.
ලබන මාර්තු 31 වනදා තෙක් රජයේ වියදම් පියවා ගැනීම සඳහා ඉකුත් රජය පසුගිය ඔක්තෝම්බර් 23 වනදා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ මහ මැතිවරණයෙන් පසුව ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරන බවයි.
එතෙක්, ජනතාවට සහන සැලසීම සඳහා ලබන 3 වනදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව අණපනත් කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.
Share This Article