රනිල් - සජිත් හමුවක් හෙට
Sunday, 29 December 2019 - 7:35 | Views - 462
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය සහ පාර්ලිමේන්තුවේදී ඉදිරියේ ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පක්ෂයේ පවතින ගැටළු සියල්ලම නිරාකරණය කරගනු ඇති බවයි.
Share This Article