රාජිත තවමත් රෝහලේ
Sunday, 29 December 2019 - 7:35 | Views - 773
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රෝහල් ගත වීමට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නිවසේ සැඟව සිටියේ නම් ඇයව ද අත්අඩංගුවට ගත යුතු බව සිංහලරාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලනඥයින් තවත් අදහස් පළ කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව, නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාමේ හැකියාවක් පවතී ද සහ තවදුරටත් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යවේ ද යන්න පිළිබඳව ඊයේ නිරීක්ෂණයක් සිදුකර තිබුණා.
ඊයේ පෙරවරුවේ බන්ධනාගාරයේ වෛද්‍යවරියක් විසින් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණය සිදුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එහි වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ද ලබාදීමට නියමිතයි.
රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Share This Article