රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකය රජයේ රෝහල්වලින් ලබාදීමේ සූදානමක්
Sunday, 29 December 2019 - 7:34 | Views - 651
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල් වලදී නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ සිදුකළ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් පසු මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව, මෙම ක්‍රමවේදය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා දහවල් මෙම හදිසි සංචාරය සිදුකළ අතර, සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවෙකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවයක් ලබාදීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේ.

එසේම, සේවා සැපයීමේදී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතු බව ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top