රුසියාවෙන් ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිල පද්ධතියක්
Saturday, 28 December 2019 - 9:19 | Views - 242
රුසියාව ඇවන්ගාඩ් හයිපර්සොනික් හෙවත් පෙරටුගාමී අධි - ධ්වානික මිසයිල පද්ධතියක් දියත් කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ  එම මිසයිල පද්ධතිය මගින් න්‍යෂ්ටික අවියක් ශබ්දයේ වේගය මෙන් විසි ගුණයක වේගයකින් නිසි ඉලක්කයට එල්ල කළ හැකි බවයි.

එමඟින් රුසියාව ලොව සියලු ජාතීන් අතර මිසයිල තාක්ෂණයෙන් අසමසම වන බව ජනපති පුටින් සඳහන් කළා.

මෙම මිසයිල පද්ධතිය මොස්කව් වේලාවෙන් ඊයේ පෙරවරු 10ට බලගැන්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු තහවුරු කර තිබෙනවා.

නව ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිල පද්ධතිය දැනට පවතින සියලුම මිසයිල පද්ධතීන් අභිබවා යන බවයි ජනපති පුටින් අවධාරණය කළේ.

එය යොදවා ඇති ප්‍රදේශය හෙළිදරව් කර නොමැති අතර, යූරල් කඳුකරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

නව මිසයිල පද්ධතිය පිළිබඳව ජනාධිපති පුටින් පසුගිය වසරේ මාර්තු මාසයේ ජාතිය අමතා සිදුකරන සිය වාර්ෂික කථාවේදී සඳහනක් කළ අතර, එහිදී ඔහු එය සමාන කළේ උල්කාපාතයකට හෝ ගිනි බෝලයකටයි.

ඇමරිකාව සහ රුසියාව අතර පවතින අවසන් න්‍යෂ්ටික අවි සීමා එකඟතාවද 2021 වසරේදී අවසන්වීමට නියමිතයි.

මේ වසරේ අගෝස්තු මාසයේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ පැවති අන්තර්මාධ්‍ය න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත්වූ අතර, රුසියාවද ඒ අනුව කටයුතු කරමින් සිටිනවා.

ආරක්ෂක විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය යටතේ නව අවි සීමා ගිවිසුමක් ක්‍රියාවට නැංවීමට නොහැකිවුවහොත් න්‍යෂ්ටික අවි තරගය පාලනය කිරීමට නොහැකිවනු ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top