චීනයෙන් ප්‍රබල රොකට්ටුවක් උඩු ගුවනට
Saturday, 28 December 2019 - 9:13 | Views - 299
2020 වසරේ සැළසුම් කර ඇති චීනයේ අඟහරු ගවේෂණයට සහයක් වන ලොව මෙතෙක් නිෂ්පාදිත ප්‍රබලතම රොකට්ටුවක් චීනය ඊයේ උඩුගුවනට යොමු කළා.
ලෝන් මාච් පහ වර්ගයේ මෙම රොකට්ටුව මගින් ෂින්ජියෑන් පරීක්ෂණ චන්ද්‍රිකා විස්සක් උඩුගුවනට රැගෙන ගිය බවයි චීන ජාතික රූපවාහිනී සේවය ප්‍රකාශ කළේ.
මෙම රොකට්ටුව චීනයේ ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැදගත් වන බවද ෂිංහුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළා
රොකට්ටුව දකුණු දිග චීනයේ හයිනෑන් දිවයිනෙන් නික්මෙන අයුරු මිලියනයකට අධික පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස නරඹා තිබෙනවා.
Share This Article