මහ මැතිවරණය ගැන දෙමළ සන්ධානය තවමත් දෙගිඩියාවෙන්
Saturday, 28 December 2019 - 8:56 | Views - 277
මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.
යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ කාර්යාලයේදී ඊයේ (28) රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වුණා.
එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහභාගි නොවූ බවයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු එම්.ඒ.සුමන්දිරන් කියා සිටියේ.
එහිදී මහ මැතිවරණයට උතුරු නැගෙනහිරට වෙනම තරඟ කරන බවට එකඟතාවය පළ වී ඇති අතර, අනෙක් දිස්ත්‍රික්ක සඳහා තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් මේ වනවිටත් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ අතර එකඟතාවයකට පැමිණ නැහැ.
Share This Article