රාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී
Saturday, 28 December 2019 - 8:55 | Views - 293
නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව ප්‍රකාශයක් ලබාගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පෙරේදා රාත්‍රියේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට මන්ත්‍රීවරයා ඇතුළත් වූයේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබියදීයී.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ඊයේ (27) පස්වරුවේ අනිද්දා (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එම පෞද්ගලික රෝහල වෙත පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා නියෝග කළේ.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා ඊයේ (27) රාත්‍රියේ බන්ධනාගාර නිලධාරීන් භාරයට ගනු ලැබුවා.

තවදුරටත් මන්ත්‍රීවරයා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top