උසස් පෙළ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථමයා කොළඹ ආනන්ද විද්‍යාලයෙන්, ප්‍රතිඵල ලේඛන අද උදෑසන පාසල්වලට
Saturday, 28 December 2019 - 8:52 | Views - 329
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා.

ඒ අනුව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් තුන්ලක්ෂ 37,704 අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ එක්ලක්ෂ 81,126 ක් පමණයි.

විෂයන් තුනක් සඳහා නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් එක්ලක්ෂ 87,167 ක්ද, පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 94,619 ක් උසස් පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටියා.

විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල අත්හිටවූ අයදුම්කරුවන් සංඛ්‍යාව 71 ක්.

කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛණ අද (28) පෙරවරු 10 න් පසු දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් විදුහල්පතිවරු වෙත නිකුත් කරනු ලබනවා.

අනෙකුත් ප්‍රතිඵල ලේඛණ අද සියළුම පාසල් වෙත තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නැවත උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය ලබන මස 17 වැනිදායී.

උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් සිදුකිරීමට 0112 78 42 08 සහ 0112 78 45 37 යන දුරකතන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතිය හැකියි.

එමෙන්ම, ක්ෂණික දුරකතන ඇමතුම් අංකය වන 1911 යටතේද විභාග ප්‍රතිඵල ගැටළු සම්බන්ධයෙන් විමසිය හැකි වනවා.

උසස් පෙළ විභාගයේ සහතික පත්‍ර පැය 48 ක්  ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා අද (28) සිට www.doenets.lk ඔස්සේ අයදුම් කළ හැකියි.

එමෙන්ම විදේශගතව සිටින පදිංචිකරුවන්ගේ ලිපින වෙතටද එම සහතික පත්‍ර ඊ.එම්.එස්. සේවාව ඔස්සේ ගෙන්වා ගැනීමේ පහසුකම් සළසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.  

මෙවර උසස් පෙළ විභාගයේ නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා ශිෂ්‍යයායි.

මේ අතර පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් හිමිකරගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top