තම ලෙයින් උපන් බිලිඳා කැලයට විසි කළ කුරිරු මවට සිදු වූ දේ
Friday, 27 December 2019 - 18:23 | Views - 388
කැලෑ රොදක බිළිදෙකු හඬන බවට පොලීසියට ඇමතුමක් දීලා......
 
බිලිඳා සීතලේ ගැහෙමින් කුසගින්නේ හඬමින් ඉඳලා......

තමන් විසින් ප්‍රසූත කළ දරුවා නිවස අසල කැලෑවකට විසි කළ බව කියන තිස්හය හැවිරිදි තිදරු මවක් අද (27) අලූයම 05.30ට පමණ අත්අඩංගුවට ගත් හම්බෙගමුව පොලීසිය විසිකළ දරුවාද සමග ඇය ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුල් කර තිබෙනවා.
 

හම්බෙගමුව, රතඹලාගම ප්‍රදේශයේ කැලෑ රොදක බිළිදෙකු හඬන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම් දීමක් අනුව හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු විසි කළ දරුවාද සොයාගෙන තිබුණි. දරුවා විසි කර ඇත්තේ පෙර දින (26) රාත්‍රී 09.30ට පමණ බව දැනගන්නට ලැබුණ බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බෙගමුව, රතඹලාගම ප්‍රදේශයේ පදිංචි විවාහක තිදරු මවක්.

පාන්දර 05.30 වනතුරු අලූත උපන් කිරිකැටි දරුවා සීතලයට ගැහෙමින්, කුසගින්නේ හඬමින් සිටියදි සොයාගෙන බිළිඳාගේ මව ද සමග හම්බෙගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් දෙදෙනාම වහාම ඇඹිලිපිටිය දිසා මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

හම්බෙගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත උපන්ගමන් බිළිඳා කැලේට විසි කිරිමට හේතුව කුමක්ද යන්න සෙවීමට කාන්තා අංශයේ නිලධාරිනියන් ඇතුලු නිලධාරීහූ වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

"අද"
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top