වාහන ලියාපදිංචිය වසර 6කින් අවම අගයක
Friday, 27 December 2019 - 18:13 | Views - 520
පසුගිය නොවැම්බර් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය වසර 6කින් අවම අගය සලකුණු කරන බව තැරැව්කාර සමාගම් පවසනවා.
නොවැම්බරයේදී මෝටර් රථ 24,472ක් ලියාපදිංචි කර ඇති අතර, ඊට වඩා අඩු අගයක් මීට පෙර වාර්තා වී ඇත්තේ 2013 වසරේ නොවැම්බර් මාසයේදියි.
නම්‍යශීලී විනිමය අනුපාතයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහත වැටීම මෙන්ම නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණය මෙලෙස මෝටර් රථ ලියාපදිංචිය අඩුවීමට බලපා ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
Share This Article