පොලී අනුපාත වෙනස් නොවේ
Friday, 27 December 2019 - 18:11 | Views - 904
ශ්‍රී ලංකා මහබැංකුව සහ වාණිජ බැංකු අතර ගනුදෙනු සිදුවන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ද පියවර ගන්නා බවයි මූල්‍ය මණ්ඩලය ප්‍රකාශ කළේ.
විශේෂයෙන් ණය නිකුතු වර්ධනයක් මේ වන විට දක්නට ලැබෙන අතර නොවැම්බරයේ පෞද්ගලික අංශය වෙත නිකුත් කළ ණය රුපියල් බිලියන 5753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මහබැංකුව නිවේදනය කළේ මේ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7ක් ලෙසත්, ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 8ක් ලෙසත් පවත්වා ගැනීමට තීරණය කර ඇති බවයි.
Share This Article