කිලිනොච්චියේ වැවක තිබී මළ සිරුරක් හමුවෙයි
Friday, 27 December 2019 - 15:32 | Views - 300
කිලිනොච්චිය - කණ්ඩාවලෙයි ප්රදේශයේ පිහිටි ඌරියාන්කුලම් වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඔහු ඊයේ යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ප්රදේශවාසීන් සහ ඥාතීන් එක්ව මෙම පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ඔහු පිළිබඳව තොරතුරක් නොමැති වීම හේතුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් කඳවුරක සෙබළුන් පිරිසක් සිදුකළ සොයා බැලීමේදී වැවේ තිබී එම පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
Share This Article