දශකයේ එක්දින කණ්ඩායමට මාලිංග
Friday, 27 December 2019 - 15:23 | Views - 4,142
සුප්‍රකට විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් නම් කළ දශකයේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක ලසිත් මාලිංග ද ඇතුළත් කර තිබෙනවා.
ලොව සියළුම සීමිත පන්දු වාර කණ්ඩායම් සැලකූ විට සිය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දෙන ඒවායේ නොබිදිය හැකි පුරුක් ලෙස සැලකෙන ක්‍රීඩකයන් මෙම ලෝක කණ්ඩායමට ඇතුළත් කර ඇති බව සඳහන්.
පසුගිය දශකය තුළ එලෙස දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතරින් ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක වේවිඩ් වෝනර් ලෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර ඇති අතර, අංක තුනේ ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ඉන්දිය නායක විරාට් කෝලි.
එම්.එස්. දෝනි, විස්ඩන් දශකයේ එක්දින කණ්ඩායමේ කඩුලු රකින්නා වන අතර බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් ඇතුළත් කර ඇත්තේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු ලෙසින්.
ලසිත් මාලිංග විස්ඩන් දශකයේ ලෝක කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු ලෙස නම් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක්, නවසීලන්ත ක්‍රීඩක ටේරන්ට් බෝල්ට් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේල් ස්ටේන් සමඟින්.
Share This Article