පිලිපීන සුළි සුළෙඟ් ජීවිත හානි ඉහළට
Friday, 27 December 2019 - 14:35 | Views - 1,073
නත්තල් උදාවේ පිලිපීනයට හැමූ ෆෑන්ෆෝන් සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුළි සුළඟින් විශාල ජල ගැලීම් ඇති වූ අතර, ප්‍රාන්ත රැසක නිවාස විශාල සංඛ්‍යාවක් විනාශයට පත්වුණා.
පිලිපීන ආපදා කළමනාකරණ අංශ ප්‍රකාශ කළේ තවත් 12 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි.
සුළි සුළඟ හේතුවෙන් 58,000ක් ජනයා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැනුණු අතර, නත්තල් නිවාඩු සමයේ දහස් සංඛ්‍යාත පිරිසක් අතරමං වී තිබෙනවා.
Share This Article