ගංජා, හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට
Friday, 27 December 2019 - 14:27 | Views - 473
හම්බන්තොට - තිස්ස ප්‍රධාන මාර්ගයේ බදගිරිය ප්‍රදේශයේ සිදුකළ හදිසි මුර සංචාරයකදී ගංජා, හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මෙම මුර සංචාරය සිදුකරනු ලැබුවේ ඊයේ දිනයේදියි.
එහිදී ගංජා මිලිග්‍රෑම් 3000ක් සමඟ 28 හැවිරිදි පුද්ගලයෙකු ද ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් මත 32 හැවිරිදි පුද්ගලයෙකු ගංජා මිලිග්‍රෑම් 2000ක් සමඟ ද අත්අඩංගුවට ගනු ලැබුවා.
සිප්පිකුලමේදී හෙරොයින් මිලිග්‍රෑම් 750ක් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ අලුයමයි.
Share This Article