ආසියාවේ හොඳම රටවල් 6 අතරට ලංකාවත් එක්වෙයි
Friday, 27 December 2019 - 13:26 | Views - 1,440

ආසියාතික රටවල අතරින් තනිව සංචාරය කරන කාන්තාවන්ට යාමට සුදුසුම රටවල් 6 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වන බව ප්‍රධාන පෙළේ සංචාරක වෙබ් අඩවියක් වන lonelyplanet වෙබ් අඩවිය වාර්තා කරනවා.

අදාල වාර්තා ලිපියේ සම්පාදකයා සඳහන් කරන ආකාරයට බොහෝ පිරිස් මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පැමිණීමට අදිමදි කළත් ශ්‍රී ලංකාවට සහය දිය යුතු හොඳම අවස්ථාව මෙය බව පෙන්වා දෙනවා.

සංචාරක කර්මාන්තය යම් පමණකට බිඳ වැටී තිබුණත් මෙරට ජනතාවගේ සුහදශීලීතවයේ අඩුවක් වී නැති බවයි රචිකාව පවසන්නේ.

ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශ ගැන විශේෂයෙන් සඳහන් කරන එම වාර්තාව විදේශිකයන්ගේ නිබඳ ආකර්ෂණය දිනා ගන්නා ඇල්ල ප්‍රදේශය ඕනෑම අයෙක්  අනිවාර්‍යයෙන් පැමිණිය යුතු ගමනාන්තයක් බව පෙන්වා දෙන්නේ.

lonelyplanet අඩවිය වාර්තා කරන ආකාරයට කාන්තාවකට තනිව යා හැකි අනෙකුත් ආසියාතික රටවල් අතරට සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දුනීසියාව, ජපානය, තුර්කිය, ඇතුලත් වන අතර දකුණු කොරියාව එම ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවනවා.

ඔවුන්ගේ පෙළගැස්වීම් අනුව ශ්‍රී ලංකාවට  දෙවන තැන හිමි වී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top