සුදුවෑන් මාධ්‍ය හමුවේ සැකකරුවන් දෙදෙනා අධිකරණයට රැගෙන එයි
Friday, 27 December 2019 - 10:55 | Views - 482
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 9.50ට පමණ නඩුවට පෙනී සිටීම සඳහා සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
මොවුන් දෙදෙනා පසුගිය 13 වන සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර ප්‍රදේශයේදී අවන්හලකදීයි.
පසුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.
ඒ අනුවයි සැකකරුවන් දෙදෙනා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ.
Share This Article