ඉරානයට රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයක්
Friday, 27 December 2019 - 10:14 | Views - 758
ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නව භූ කම්පනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණය ආයතනය ප්‍රකාශ කළා.
එය රික්ටර් පරිමාණයේ 5.1ක ප්‍රබලතාවකින් යුත් කම්පනයක් වන අතර, එමගින් සැලකිය යුතු හානියක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.
ඉරානයේ දකුණුදිග වෙරළේ ෆර්සියානු ගල්ෆ් බොක්ක ආසන්නයේ මෙම න්‍යෂ්ටික බලාගාරය පිහිටා තිබෙනවා.
ඉරාන වේලාවෙන් අද අලූයම 5.23ට මෙම භූ කම්පනය සිදුව ඇත්තේ පොළොවේ කිලෝමීටර් 38ක් ගැඹුරින්.
Share This Article