2019 ඇලස්කාවට වාර්තාගත උණුසුම් වසරක්
Friday, 27 December 2019 - 10:07 | Views - 513
ඇමරිකා එක්සත් ජනපදයට අයත් උත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටි ඇලස්කාව 2019 වසරේදී වාර්තාගත උණුසුමක් අත්දැක තිබෙනවා.
උණුසුම් ගිම්හානය සහ ලැව් ගිනි මෙන්ම අයිස් තට්ටු විනාශවීම හා ශීත ඍතුවේ විරල වැසි මෙම තත්ත්වයට හේතුව ලෙසයි සැලකෙන්නේ.
මේ නිසා එහි සාමුද්‍රික ක්ෂීරපායී සතුන් දැඩි දුෂ්කරතාවන්ට ලක්වී ඇති බව සඳහන්.
පසුගිය සියවස තුළ ඇලස්කාවේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වූයේ සෙල්සියස් අංශක දශම 2යි 7ක උෂ්ණත්වයක් වූ අතර, 2019 වසරේදී එය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 1.38ක් ලෙසයි.
මේ අතර, ලෝක කාලගුණ වෙනස හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවරට මේ මාසය වසර 118කින් අධිකතම ශීතලක් සහිත දෙසැම්බර් මාසය ලෙස සටහන් වී තිබෙනවා.
දිල්ලියේ උපරිම උෂ්ණත්වය මේ වන විට වාර්තා වන්නේ සෙල්සියස් අංශක 20ට අඩුවෙන්.
Share This Article