2019 ඇලස්කාවට වාර්තාගත උණුසුම් වසරක්
Friday, 27 December 2019 - 10:07 | Views - 514
ඇමරිකා එක්සත් ජනපදයට අයත් උත්තර ධ‍්‍රැවය ආසන්නයේ පිහිටි ඇලස්කාව 2019 වසරේදී වාර්තාගත උණුසුමක් අත්දැක තිබෙනවා.

උණුසුම් ගිම්හානය සහ ලැව් ගිනි මෙන්ම අයිස් තට්ටු විනාශවීම හා ශීත ඍතුවේ විරල වැසි මෙම තත්ත්වයට හේතුව ලෙසයි සැලකෙන්නේ.

මේ නිසා එහි සාමුද්‍රික ක්ෂීරපායී සතුන් දැඩි දුෂ්කරතාවන්ට ලක්වී ඇති බව සඳහන්.

පසුගිය සියවස තුළ ඇලස්කාවේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වූයේ සෙල්සියස් අංශක දශම 2යි 7ක උෂ්ණත්වයක් වූ අතර, 2019 වසරේදී එය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 1.38ක් ලෙසයි.

මේ අතර, ලෝක කාලගුණ වෙනස හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවරට මේ මාසය වසර 118කින් අධිකතම ශීතලක් සහිත දෙසැම්බර් මාසය ලෙස සටහන් වී තිබෙනවා.

දිල්ලියේ උපරිම උෂ්ණත්වය මේ වන විට වාර්තා වන්නේ සෙල්සියස් අංශක 20ට අඩුවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top