ඇඹිලිපිටිය - සංඛපාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුන් දෙනෙකු මරුට - (ඡායාරුප)
Friday, 27 December 2019 - 9:33 | Views - 1,206
ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගයේ සංඛපාල ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොළොන්න සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි උඩවලව පොලීසිය පැවසුවේ.

කුඩා ලොරි රථයේ ගමන් ගත් තුන් දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලබා රෝහල් ගත කෙරුණේ ද එහි ගමන් ගත් අයයි.

ඔවුන් පදලංගල - කුට්ටිගල ප්‍රදේශයේ පදිංචිකරුවන්. තුවාල ලැබූ දෙදෙනා මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
 
( ඡායාරුප අනුග්‍රහය - අදංක රාජපක්ෂ )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top