මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට 29 ක් යළි රිමාන්ඩ්
Friday, 27 December 2019 - 8:22 | Views - 1,611
මාවනැල්ල නගරය හා ඒ අවට ප්රදේශවල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 29 දෙනෙකු ලබන ජනවාරි 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත්රාත් උපුල් රාජකරුණා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රඳවාගෙන ප්රශ්න කරමින් සිටි 11 දෙනෙකුද රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිසට අයත් වනවා.
Share This Article