වරෙන්තු ලබා සැඟව සිටි රාජිත තවමත් ලංකා රෝහලේ
Friday, 27 December 2019 - 7:51 | Views - 539
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී රෝහලේ ආරංචි මාර්ග ඒ බව තහවුරු කළා.

ඒ අනුව මන්ත්‍රීවරයා ඊයේ පස්වරු 7.38 ට පමණ එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් වී ඇති අතර, පසුව ඔහු හෘද රෝග දැඩි සත්කාර ඒකකයට මෙලෙස මාරු කර යවා ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.

අද උදෑසන අප කළ විමසීමකදී රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එහි තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් මෙතෙක් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ කොළඹ - බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස පැයක පමණ කාලයක් පරීක්ෂාවකට ලක් කළද, එම අවස්ථාවේ ඔහු එම නිවසේ රැඳී සිට නොමැති බව අනාවරණ වී තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර මේ වනවිට දින 03 කට ආසන්නයි.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායී.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුප්‍රකට සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් දෙදෙනා පිළිබඳ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාග කිරීමට නියමිතයි.

ඔවුන් දෙදෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පසුගිය 16 වැනිදා නියෝග කළා.

මොවුන් දෙදෙනා පසුගිය 13 වන සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර ප්‍රදේශයේදී අවන්හලකදීයි.

පසුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

ඒ අනුවයි රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් දෙදෙනා අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top