ශ්රී ලංකා නිවුන් සංවිධානය ගිනස් වාර්තාවක් තැබීමට සැරසෙයි
Friday, 27 December 2019 - 7:13 | Views - 11,302
ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව නිර්මාණය කරමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශ්රී ලංකා නිවුන් සංවිධානය සුදානම් වනවා.
මෙය ඔවුන් හදුන්වන්නේ ශ්රී ලංකා ටුවින්ස් (Sri Lanka Twins) ලෙසයි.
ලබන ජනවාරි මස කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්රී ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ සදහා වන නිල ආරාධනා පත්රය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වීම ඊයේ (26) අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා.
ශ්රී ලංකා නිවුන් සංවිධානය, ශ්රී ලංකාවේ දිස්ත්රික්ක 24 ම නියෝජනය වන පරිදි නිවුන් සහෝදර සහෝදරියන් 28,000 ක් පමණ සමාජිකත්වයකින් සමන්විතයි.
Share This Article