ටොප් ටෙන් පැමිණිලිවල ප්‍රගතිය ගැන නව සිංහල රාවයට ප්‍රශ්නයක්
Thursday, 26 December 2019 - 19:59 | Views - 503
පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ ටොප් ටෙන් පැමිණිලි මාලාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව නව සිංහල රාවය සංවිධානය අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරනවා.
කළුතර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පසුගිය කාලයේ ඉදිරිපත් කළ එම පැමිණිලි දහය පිළිබඳව යළි සිහිපත් කිරීමක්ද සිදුකළා.
Share This Article