මත්ද්‍රව්‍ය භාවිත කර එහි වීඩියෝ අන්තර්ජාලයට එක්කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Thursday, 26 December 2019 - 15:57 | Views - 217
මත්ද්‍රව්‍ය භාවිත කරමින් විවිධ ක්‍රියාකාරකම් සිදුකර එම වීඩියෝ අන්තර්ජාලයට මුදාහළ තරුණයන් දෙදෙනෙකු හික්කඩුවේ සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය නත්තල් දින සිදුකළ විශේෂ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් තරුණයෙකු හික්කඩුව, උණවටුන, මිරිස්ස හා ආරුගම්බේ යන සංචාරක කලාපවල පවතින රාත්‍රි සාදවලට සහභාගි වීම පුරුද්දක් කරගත් අයෙකු බවටයි හෙලි වී ඇත්තේ.
25 හැවිරිදි තරුණයන් දෙදෙනා ළඟ තිබී කුෂ් සහ අයිස් මත්ද්‍රව්‍යද සොයා ගැනීමටද හැකි වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Share This Article