ජනපතිගේ නම භාවිත කරමින් ජනතාව මුලා කරන්නන් ගැන දැනුම් දෙන්නැයි ඉල්ලීමක්
Thursday, 26 December 2019 - 15:53 | Views - 206
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලා කර අයුතු බලපෑම් කරන්නන් පිළිබදව වහාම පොලීසියට දැනුම් දෙන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයෙකු පිළිබදව කොළඹ අපරාධ කොට්ඨාශය මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
Share This Article